Saturday, April 26, 2014

වැස්ස ආයෙමත්..

හැමදාම වැස්සත් එක්ක හිත ඉස්කෝලේ ඒ ලෙවල් පන්තියේ නතර වෙන හැටි පුදුමයි..
පන්තියේ මුල්ලේම පුටුවකට වෙලා සීතලේ ගුලි ගැහිලා මම වැස්ස දිහා බලන් ඉන්නවා..
ඇතුගල මුදුනේ බුදු හාමුදුරුවෝ වැස්සට තෙමෙනවා..

මල් වැස්ස, නිලි වැස්ස, අනෝරා වැස්ස, හිරිපොද වැස්ස, මේ වගේ ලස්සන නම් එක්කම  මඩ වැස්ස, චාටර් වැස්ස, වදකාර වැස්ස වගේ නම් වැස්සට දෙන්න කෙල්ලෝ ඉගෙන ගත්තේ මගෙන්...
වැහි බින්දුව බින්දුව වැටිලා පොඩි ලැබ් එක ඉස්සරහා පිහිඹියා ගස් දිගේ බිමට වැටෙනකොට ඒවා දිහා මම බලන් ඉන්නවා...
සියඹලා ගහට ඉහලින් මිදුමට ඇතාගල වැහෙනවා...
 අනේ ඇත්තටම ඉස්කෝලේ දී තරම් ජිවිතේ කවදාකවත් මම ලස්සනට වැස්ස අත් විඳලා නෑ..
තාම ඒ ලස්සන අතීතෙට මම ආදරෙයි..

3 comments:

  1. අද තරම් මම කවදාවත් වැස්ස අත්වින්දෙ නෑ..
    …හහ්.. හහ්... හච්ච්චූ,.......

    ReplyDelete
  2. ඇතුවත් බැරි නැතුවත් බැරි වැස්ස

    ReplyDelete
  3. ඉඩ දෙන්න ඔයාගේ ලස්සන සිතුවිලි වලට... ජීවිතය රසවත් කරන්න... ලස්සනයි ගොඩක්..

    ReplyDelete